WhatsApp හරහා අප සමඟ සම්බන්ධ වන්න
Yiwu Market Background
මීළඟ සංචාරය: 2026 ජූලි 31 වනදා සිට අගෝස්තු 7 වනදා දක්වා (Chengdu Transit Tour සමඟ)
Yiwu Market ව්‍යාපාරික සංචාරය

චීනයට නිකම්ම ගිහින් එන්න එපා, ඔබේ ව්‍යාපාරය Next Level එකට ගෙනියන්න! ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් වෙනුවෙන්ම වෙන්වූ, සියලු පහසුකම් ඇතුළත් Yiwu International Trade City සහ සුවිශේෂී සැඟවුණු වෙළඳපොළවල් ඉලක්ක කරගත් අඛණ්ඩ Sourcing ව්‍යාපාරික චාරිකාව.

Yiwu Market Sourcing
LKR 380,000 LKR 55,000 ක් ඉතිරි කරගන්න
LKR 325,000/-
🌟 Early Bird දීමනාව
🔴 ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූලි 20
සුවිශේෂී අවස්ථාව

අඛණ්ඩ Sourcing සහ
සැඟවුණු වෙළඳපොළවල්
කිලෝ ගණනට බඩු ගන්න Kilogram Market!

මෙම සංචාරයේ සෑම දිනයක්ම ව්‍යවසායකයින් සඳහා අඛණ්ඩ Sourcing වෙනුවෙන්ම වෙන් කර ඇත. ප්‍රධාන Futian වෙළඳපොළට අමතරව, සාමාන්‍යයෙන් බාහිර සංචාරකයින් නොදන්නා, විවිධ භාණ්ඩ හා අතිරික්ත නිෂ්පාදන කිලෝග්‍රෑම් පදනම මත (On Kilo Basis) ඉතාම අඩු මුදලකට තොග පිටින් ලබාගත හැකි සුවිශේෂී Kilogram Market වෙතද අප ඔබව රැගෙන යනු ලබයි.

කර්මාන්තශාලා සෘජු මිල (Factory-Direct)

ඒජන්තවරුන්ගේ ලේයර්ස් නැති කරන්න. කිසිම ඔන්ලයින් අඩවියකින් සොයාගත නොහැකි අඩුම මිලට කෙලින්ම ෆැක්ටරි නියෝජිතයන්ගෙන් මිලදී ගන්න.

අතිශය අඩු MOQs & කිලෝ වෙළඳාම

කුඩා ප්‍රමාණවලින් ඇණවුම් කිරීමට අමතරව, සැඟවුණු උප-වෙළඳපොලවල් හරහා භාණ්ඩ කිලෝ ගණනට කිරා මිලදී ගනිමින් ඔබේ ලාභය තවත් ඉහළ නංවා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.

මුදල් (Cash) අතේ රැගෙන යාම අවශ්‍ය නොවේ!

චීනයට යන විට ලොකු මුදල් ප්‍රමාණයක් හෝ කෑෂ් රැගෙන යාමේ අවදානම දැන් ඉවරයි. China Agent App එක සමඟින් ඔබගේ සියලුම මිලදී ගැනීම් සහ ඇණවුම් එකම තැනකින් ඩිජිටල්ව ක්‍රමවත් කර ඇත.

Wholesale Market Bulk Goods
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට (First Time in Sri Lanka)

භාණ්ඩ මිලදී ගන්න ලක්ෂ ගණන් සල්ලි අතේ අරන් යන්න ඕනේ නැහැ!

ඉන්වොයිස් පොත්, Calculators තියාගෙන, ශොප් එකේ ඉඳන් හදිසියේ ඕඩර් කරලා, වැරදි තීරණ නිසා සල්ලි නාස්ති කරගත්තු කාලය ඉවරයි! චීනයට යනකොටම බඩු ගන්න සල්ලි අතේ රැගෙන යාම අවශ්‍ය වෙන්නෙත් නැහැ! අපගේ සුවිශේෂී China Agent App එක සමඟින් ඔබගේ සියලුම මිලදී ගැනීම් සහ ඇණවුම් සන්නද්ධව සහ ආරක්ෂිතව ඩිජිටල්ව සිදුකරන්න.

01

භාණ්ඩ දැකපු සැනින් වියදම සහ ලාභය ගණනය කරන්න

චීන වෙළඳපොලේ ඇවිදින ගමන් ඕනෑම භාණ්ඩයක RMB මිල ඇතුළත් කළ සැනින්, ලංකාවටම එනකොට යන සම්පූර්ණ වියදම (Landed Cost) රුපියල් වලින් එවෙලේම බලාගන්න.

02

කුටි අංක සහ භාණ්ඩ විස්තර ඩිජිටල්ව Save කරගන්න

හදිසි වෙලා සල්ලි වියදම් කරලා ලොකු තොග එකපාර චීනයේදී මිලදී නොගෙන, කැමතිම භාණ්ඩ, මිල ගණන් සහ සප්ලයර් විස්තර සියල්ල කුටි අංකය මෙන්ම කිලෝ මාකට් විස්තර ඇප් එකේ සේව් කරගෙන නිදහසේ පෙරළා ලංකාවට පැමිණෙන්න.

03

අවශ්‍යතාවය සහ අතේ ඇති මුදල අනුව පසුව ඕඩර් කරන්න

ලංකාවට ආවට පස්සේ වෙළඳපොල අවශ්‍යතාවයට අනුව, App එකෙන් කෙලින්ම ඕඩර් එක දමා භාණ්ඩ ලංකාවටම ගෙන්වා ගන්න. (මෙම සුවිශේෂී ඇප් එක සංචාරය අතරතුර ඔබට නොමිලේ ලබාදේ)

China Agent App ● Live Costing
Enter Supplier RMB Price
¥ 12.50
Landed Cost (ශ්‍රී ලංකාවටම) Rs. 450.00/- ✓ Custom Duties & Sea Shipping Included
BUSINESS TOUR STUDY PACK

Yiwu Interactive Sourcing Guide

පහත ටැබ් මත ක්ලික් කර වෙළඳපොළේ නිල ව්‍යුහය, දෛනික චර්යාව සහ සාර්ථක වීමට අවශ්‍ය මූලික උපක්‍රම මෙතැනින්ම අධ්‍යයනය කරන්න.

සාමාන්‍ය සංචාරයක් වෙනුවට ආයෝජනයක් සිදුකරන්නේ කෙසේද?

මෙම ව්‍යාපාරික චාරිකාව පුරාවටම අප අවධානය යොමු කරන්නේ අඛණ්ඩ Sourcing සඳහා පමණි. Pettah මිලටත් වඩා 30%-60% අතර ඉහළ ලාභයක් දිගුකාලීනව ලබාගැනීමට අවශ්‍ය කර්මාන්තශාලා සෘජු සබඳතා මේ හරහා ඔබට ගොඩනඟා ගත හැක. මීට අමතරව, විශාල මුදල් (Cash) අතේ තබාගෙන යාමේ අවශ්‍යතාවයක් නැත; සියල්ල China Agent App එකෙන් සරලව කළමනාකරණය කළ හැක.

🛍️ ව්‍යාපාරයට අමතරව Yiwu හිදී ඔබට කළ හැකි දේවල්:

Night Market & Shopping: ප්‍රසිද්ධ රාත්‍රී වෙළඳපොළවල් වල සංචාරය කර සිල්ලර මිලට අලෙවි වන විලාසිතා සහ සිහිවටන ඉතාම අඩු මිලට ලබාගත හැක.
Personal Shopping: එදිනෙදා පෞද්ගලික භාවිතයට ගන්නා ඇඳුම් පැළඳුම්, බෑග් මෙන්ම ග්‍රොසරි (Groceries) වර්ග ලංකාවේ මිලට සාපේක්ෂව පුදුම හිතෙන තරම් ලාභදායී වේ.
Beautiful Parks: ව්‍යාපාරික වෙහෙස නිවා ගැනීමට නගරය පුරා පිහිටි අලංකාර උද්‍යාන (Parks) නැරඹීමේ අවස්ථාව.
Cheap Liquor Prices: ඔබ විනෝද වීමට කැමති අයෙක් නම්, විවිධ උසස් තත්ත්වයේ මත්පැන් වර්ග (Liquor) ඉතාමත් අඩු මිල ගණන් වලට නගරය තුළදී මිලදී ගැනීමට හැකියාව පවතී.

පැකේජයට ඇතුළත් දේවල් මොනවාද?

අනෙකුත් සියලුම වැඩ අපි බලාගන්නම්. ඔබ භාණ්ඩ තෝරාගැනීම සහ Sourcing ගැන පමණක් අවධානය යොමු කරන්න.

සිංහල / ඉංග්‍රීසි මඟපෙන්වන්නන්

සිංහල සහ ඉංග්‍රීසි භාෂා සහාය. කිසිම බයක් නැතුව විශ්වාසයෙන් මිල පාලනයන් සෘජුවම කතා කරගන්න.

තරු 4 හෝටල් නවාතැන්

සුවපහසු ප්‍රීමියම් 4-Star හෝටල් නවාතැන් සහ දෛනික උදේ ආහාරය ඇතුළත් වේ.

වීසා, ටිකට්පත් සහ Chengdu නගර සංචාරය

Tourists/Business වීසා සහාය, Air China Economy දෙපැත්තටම ගුවන් ටිකට්පත් සහ Transit කාලය තුළ නොමිලේ Chengdu නගර සංචාරය (City Tour).

End-to-End ලොජිස්ටිස් සහාය

ඔබ මිලදී ගන්නා භාණ්ඩ අපගේ චීන ගබඩාවට එකතු කර, අපගේ Sea/Air DDP සේවාව හරහා රේගු නිශ්කාෂණයෙන් පසු කෙලින්ම ඔබේ දොරකඩටම ගෙනත් දෙනු ලැබේ.

දින 8 ක සම්පූර්ණ වැඩපිළිවෙල (Itinerary)

දවස 1: කොළඹින් පිටත්වීම (ජූලි 31, සිකුරාදා)

කටුනායක ගුවන් තොටුපලෙන් රාත්‍රී 22:15 ට Air China (CA426) යානයෙන් චීනය බලා පිටත්වීම (Checked baggage: 1 Pieces).

දවස 2: Chengdu Transit City Tour සහ Yiwu වෙත ළඟාවීම (අගෝස්තු 1, සෙනසුරාදා)

පෙරවරු 06:20 ට Chengdu Tianfu ජාත්‍යන්තර ගුවන්තොටුපලට (TFU) ළඟාවීම. පැය 10 කට අධික (10 hrs 35 mins) Layover කාලය තුළ සුවිශේෂී Chengdu City Tour එකක් භුක්ති විඳීම. සවස 16:55 ට CA2767 යානයෙන් පිටත්ව රාත්‍රී 19:30 ට Yiwu ගුවන්තොටුපලට (YIW) ළඟාවීම, හෝටලයේ ලැගුම් ගැනීම සහ Orientation Briefing එක සිදු කිරීම.

දවස 3-6: අඛණ්ඩ Sourcing සහ රහස් Kilogram Markets (අගෝස්තු 2 - අගෝස්තු 5)

සෑම දිනයක්ම Sourcing කටයුතු සඳහාම වෙන් කෙරේ. දැවැන්ත Futian Trade City (දිස්ත්‍රික්ක 1-5 දක්වා) ක්‍රමවත්ව ගවේෂණය කරමින් සෘජු කර්මාන්තශාලා නියෝජිතයන් හමුවීම. මීට අමතරව, භාණ්ඩ කිලෝ ගණනට මිලදී ගත හැකි සැඟවුණු Kilogram Market වෙත ගොස් අතිශය ලාභදායී ලෙස නිෂ්පාදන තෝරාගැනීම. මුදල් (Cash) අතේ රැගෙන යාම අවශ්‍ය නොවේ; සියලු මිලදී ගැනීම් China Agent App එක හරහා සරලව සිදු කෙරේ.

දවස 7: ඕඩර්ස් ස්ථිර කිරීම, Night Market සහ Farewell Dinner (අගෝස්තු 6, බ්‍රහස්පතින්දා)

China Agent App එක හරහා අවසන් ඇණවුම් සහ ඉන්වොයිසි ඩිජිටල්ව තහවුරු කරගැනීම. සවස් කාලයේ ප්‍රසිද්ධ Santing Road Night Market හි සාප්පු සවාරි යාම සහ අවසාන දින රාත්‍රියේ විශේෂ Grand Farewell Dinner භෝජන සංග්‍රහය.

දවස 8: පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීම (අගෝස්තු 7, සිකුරාදා)

පෙ.ව. 10:35 ට Yiwu වෙතින් Air China (CA2608) යානයෙන් පිටත්ව 13:20 ට Chengdu (TFU) වෙත ළඟාවීම. පැය 4ක කෙටි Layover එකකින් පසු සවස 17:40 ට Air China (CA425) යානයෙන් පිටත්ව රාත්‍රී 20:55 ට කටුනායක ගුවන් තොටුපල (CMB) වෙත සේන්දු වීම.

නිතර අසන ප්‍රශ්න (FAQ)

Q: මෙම සංචාරය සඳහා ගෙවන පැකේජ මිලට සියල්ලම ඇතුළත්ද?

ඔව්, මෙයට වීසා බලපත්‍ර ගාස්තු, දෙපැත්තටම ගුවන් ටිකට්පත්, Transit Chengdu නගර සංචාරය, තරු 4 හෝටල් නවාතැන්, උදේ ආහාරය සහ චීනයේදී ලබාදෙන සිංහල/ඉංග්‍රීසි පරිවර්තක මඟපෙන්වන්නන්ගේ සේවාව ඇතුළු සියලුම මූලික වියදම් ඇතුළත් වේ.

Q: භාණ්ඩ මිලදී ගැනීමට මම විශාල මුදලක් (Cash) අතේ රැගෙන යා යුතුද?

කිසිසේත්ම අවශ්‍ය නැත. චීනය තුළ ලොකු කෑෂ් ප්‍රමාණයක් රැගෙන යාම අවදානම් සහගත බැවින්, අපගේ China Agent App එක හරහා ආරක්ෂිතව සහ සරලව සියලුම මිලදී ගැනීම් හා ඇණවුම් ක්‍රමවත් කිරීමට සියලු පහසුකම් සලසා ඇත.

Q: මා මිලදී ගන්නා භාණ්ඩ ලංකාවට එවන්නේ කෙසේද?

ඔබ තෝරාගන්නා සියලුම භාණ්ඩ (Futian හෝ කිලෝ මාකට් වලින් ලබාගන්නා) අපගේ චීන ගබඩාව වෙත ආරක්ෂිතව එකතු කර, අපගේම Sea/Air DDP (Door-to-Door) සේවාව යටතේ රේගු කටයුතු සියල්ල නිම කර කෙලින්ම ඔබේ ව්‍යාපාරික ස්ථානයටම ගෙන්වා බාරදෙනු ලැබේ.

Q: ලියාපදිංචි විය හැකි අවසාන දිනය කවදාද?

මෙම විශේෂිත අගෝස්තු කණ්ඩායමට සම්බන්ධ වීමට නම් 2026 ජූලි 20 වනදාට පෙර ඔබේ ආසනය වෙන්කරවා ගත යුතුය.

ඔබේ ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න

මෙම විශේෂිත සංචාරය සඳහා සීමිත ආසන සංඛ්‍යාවක් පමණි. (අවසාන දිනය: ජූලි 20) ඔබේ අසුන අදම වෙන්කරවා ගන්න.

සම්පූර්ණ පැකේජ් මිල
LKR 325K
වීසා + ගුවන් ටිකට්පත් + හෝටල් + Chengdu සංචාරය + ගයිඩ් සියල්ල ඇතුළත් වේ.